11 October 2011

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 03 :ජේම්ස් වොට් iii -කාර්මික විප්ලවයේ නව හැරුම් ලක්ශය (well done wattie)

මෝටර් එන්ජිමේ ඉතිහාසය ලිපි පෙලේ මුල් ඒව කියෙව්වෙ නැතිනම් ,
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 02 : නිව්කොමන් එන්ජිම (the Newcomen steam engine)
               
                       වොට් මේ වෙනකන්ම හදපු  එන්ජින් වල තිබුණෙ අඩු පීඩනය නිසා පිස්ටනය පහලට ගමන් කරන සිස්ටම් එකක්නේ, වෑල්ව ක්‍රමය ප්‍රයෝජනයට අරගෙන හුමාලයේ පීඩනයෙන්ම පිස්ටනය පහලට ගමන් කරන පරිදි වොට් ඔහුගේ නිර්මාණය වෙනස් කරා.මේ ආකාරයට ඔහු ද්විත්ව හැසිරීම් පිස්ටනයක්(Double acting) නිර්මාණය කරා.මේ ක්‍රමය තමයි ඉන් පසු සෑදූ බොහෝ එන්ජින් වලට භාවිතා කරේ. එකෙන් හිතා ගන්න පුලුවන් නේ ඒක කොතරම් සාර්ථක වුනාද කියල.පහලින් දාල තියෙන්නෙ වොට් එන්ජිම වෙනස් කරාට පස්සෙ වැඩ කරන ආකාරය දැක්වෙන පින්තූරයක්.

08 October 2011

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 03 :ජේම්ස් වොට් ii (Matthew Boulton and James Watt)

මෝටර් එන්ජිමේ ඉතිහාසය ලිපි පෙලේ මුල් ඒව කියෙව්වෙ නැතිනම් ,
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)

                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 02 : නිව්කොමන් එන්ජිම (the Newcomen steam engine)
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 03 :ජේම්ස් වොට් i (James wott's Atmospheric Steam Engine)



                           ඔන්න මම මෝටර් එන්ජින් වල ඉතිහාසය ලිපි පෙලේ තවත් ලිපියක් සමගින් ඔයගොල්ලො හමුවට එනවා. කලින් ලිපියෙදී අපි කතා කරේ ජේම්ස් වොට් ගෙ මුල් කාලය ගැන.අද අපි එයා කරපු තවත් වැඩ ටිකක් ගැන කතා කරමු.




                මේ වෙනකොට 1775 විතර,මේ වෙනකොට වොට් තරමක් සිත් කලකිරීමෙනුයි හිටියෙ. මේකට හේතුව වුනේ වොට්ට මේ වෙනකල්ම වෙලඳපොලේ වටිනාකමක් ගන්න පුලුවන් එන්ජිමක් හදාගන්න බැරිවුනු එක. මුදල් ලබා ගැනීම තමයි වොට්ට ප්‍රශ්ණය වෙලා තිබුනෙ.


                ඔහොම ඉන්නකොට තමයි වොට්ට මැතිව් බෝල්ටන් හමුවෙන්නෙ.ඔහු ආයෝජකයෙක්. වොට් තමන්ගෙ හිතේ තියෙන අදහස බෝල්ටන් ට කිව්ව. එයත් වැඩේට කැමති වුණා. බ'මින්හැම් වලට නුදුරු "සෝහෝ" කියන තැන වොට් අලුත් එන්ජිමේ වැඩ ආරම්භ කලා. දක්ශ පලපුරුදු සේවකයන් හා වොට් හට ලැබුනු පහසුකම් නිසා වොට්ට මේ එන්ජිම කෙටි කාලයකින් පණ ගැන්වීමට හැකි තත්වයට ගේන්න පුලුවන් වුනා.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු මේ එන්ජිම මගින් මුලින් තිබූ නිව්කොමන් එන්ජිමට සමාන එන්ජිමට වඩා 75% ක ඉන්ධන ඉතිරියක් ලබා ගැනීමට හැකියාව  ලැබුනා.පහලින් දාල තියෙන්නෙ වොට්ගේ කර්මාන්තශාලාවෙ පින්තූරයක්




                      වොට් ගේ නිපැයුම් එංගලන්ත්යේ සෑම තැනකම පාහේ ප්‍රසිද්ද වුනා.1776මාර්තු මස "Tipton" හි "Bloomfield Colliery" යන සමාගමට විශාල වාශ්ප එන්ජිමක් වොට් නිර්මාණය කර අවසන් කරා.තවද "Shropshire" හි "John Wilkinson'iron works" යන සමාගමටද එවැනිම එන්ජිමක් නිර්මාණය කරා. ඒ අවුරුද්දේ ගිම්හාන සෘතුවෙදී නැගෙනහිර ලන්ඩනයේ ද ආදී වශයෙන් වාශ්ප එන්ජින් කිහිපයක් ම ඔහු නිපදවනු ලැබුවා.


                    මීලඟ ලිපියෙන් අපි තව දුරටත් වොට් කරපු නිර්මාණ ගැන ටිකක් කතා කරමු.කියවල නිකන්ම යන්නෙ නැතිව හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යමුකෝ!

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 03 :ජේම්ස් වොට් i (James watt's Atmospheric Steam Engine)



             
මෝටර් එන්ජිමේ ඉතිහාසය ලිපි පෙලේ මුල් ඒව කියෙව්වෙ නැතිනම් ,
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 02 : නිව්කොමන් එන්ජිම (the Newcomen steam engine)




 නිව්කොමන්ගේ හුමාලයෙන් වැඩ කරන වතුර පොම්ප බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ බොහෝ තැන් වලට ව්‍යාප්ත වුනා. මේවා පතල් වලින් වතුර පොම්ප කරන්න භාවිතා කෙරුණා. ඒ කාලෙ මේ එන්ජිම කොතරම් වැදගත් ද කියල කියනවනම් මේ එන්ජිම ගැන විශ්ව විද්‍යාල වලත් ඉගැන්නුවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාල්යේත් මේ එන්ජිමෙ මොඩලයක්  තිබුනා.පහලින් තියෙන්නෙ ඒ මොඩලයේ පින්තූරයක්,






              1763 දී ඒ මොඩලය අලුත්වැඩියා කරන්න කියල නිර්මාණකරුවෙකුට පැවරුණා.ඒ නිර්මාණකරුවා ගේ නම තමයි "ජේම්ස් වොට්".


              මොඩලය අලුත්වැඩියා කරන අතරතුර ඔහු මොඩලය අධාරයෙන් නිව්කොමන් ගේ එන්ජිම පිලිබඳ අධ්‍යනය කරා.හුමාලය සිසිල් කිරිම සිලින්ඩරය තුලදීම සිදු වන විට සිලින්ඩරය රත් වීමට හා සිසිල් වීමට ලක් වීම හේතුවෙන් තාපය ලෙස විශාල ශක්ති ප්‍රමාණයක් හානි වන බව වොට් හට වැටහුනා.මෙයට පිලියමක් යෙදූ ඔහු ප්‍රධාන සිලින්ඩරයට අමතරව තවත් කුඩා සිලින්ඩරයක් සවි කර හුමාලය සිසිල් කිරිම සඳහා භාවිතා කරා.මෙමගින් තරමක් දුරට ශක්තිය ඉතිරි කර ගන්න හැකි වුනා.මෙය නිර්මාණයට නිව්කොමන් හඳුන්වා දුන් වෑල්ව ක්‍රමයද වොට් භාවිතයට ගත්තා.පහල රූපයෙන් පේන්නෙ ආන්න ඒ වොට් නිර්මාණය කරපු එන්ජිම
මේකට කියන්නෙ Watt Atmospheric Steam Engine කියල.




             මේකෙදී හුමාලය නිසා පිස්ටනය ඉහල ගිය පසු කුඩා කන්ඩෙන්සරයට හුමාලය යන වෑල්වය විවෘත වෙනවා.ඒ හරහා කුඩා කන්ඩෙන්සරයට යන හුමාලය සිසිල් වීමට භාජනය වෙනවා.වැකුම් පොම්පය අධාරයෙන් තමයි ප්‍රධාන සිලින්ඩරයේ තියෙන හුමාලය කුඩා සිලින්ඩරයට ගේන්නෙ. කුඩා සිලින්ඩරය තියල තියෙන්නෙ ජල ටැංකියක් ඇතුලෙ නිසා කුඩා සිලින්ඩරයට එන හුමාලය ජල ටැංකිය අධාරයෙන් සිසිල් වෙනවා.එතනින් පස්සෙ ඉතින් නිව්කොමන් ගෙ තියරියම තමයි.
            මේ සියලු එන්ජින් වල පිස්ටනය වායුගෝලයට විවෘත වෙලයි තිබුනෙ,නැතිනම් සිලින්ඩරය ඇතුලෙ පීඩනය අඩු වෙනකොට පිස්ටනය  පහල යන්නෙ කොහොමද?. වොට් තව දුරටත් පරීක්ෂන කරා සිලින්ඩරයේ ඉහල කොටසද ආවරණය කර පිස්ටනයට ඉහලින් පීඩනය අඩු හුමාලය පැමිණීමට හැකිවන පරිදි ඔහු එන්ජිම නවීකරණය කරා. එමගින් වායුගෝලිය පීඩනය මගින් සිදු කරනු ලැබූ කාර්ය ඉටු කරනු ලැබුවා. එමගින් ආපසු පහරේ බලය වැඩිකර ගැනීමට හැකිවිණු අතර එන්ජිමේ වේගයද වැඩි කරගැනීමට වොට් ට හැකියාව ලැබුණා.






වොට්ගේ අත්හදා බැලීම් හා වාශ්ප එන්ජිම ගැන තවත් තොරතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න!