මා හට මේ ලිපිය ලිවීමට සිත්වූයේ මාගේ මිතුරෙක් මේ පිලිබඳව මගෙන් විමසූ නිසාවෙනි. ඔහු මගෙන් ඇසුවේ මෝටර් වාහන විකීණීම සඳහා පලකර ඇති පුවත් පත් දැන්වීම් වල භාවිත කර ඇති වචන කිහිපයක තේරුමයි. ඔහුගේ එම ප්‍රශ්නය හා ඊට අදාල වන තවත් තොරතුරු කිහිපයක් ද මෙම ලිපිය හරහා ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.
මෝටර් වාහන විකිණීම සඳහා පලකරන ලුහුඬු දැන්විමක් ගත් විට එහි සීමිත වචන සංඛ්‍යාවක් මගින්, විකිණීම සඳහා පවතින වාහනයේ සෑම තොරතුරක්ම...