11 October 2011

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 05 :ජේම්ස් වොට් iii -කාර්මික විප්ලවයේ නව හැරුම් ලක්ශය (well done wattie)

මෝටර් එන්ජිමේ ඉතිහාසය ලිපි පෙලේ මුල් ඒව කියෙව්වෙ නැතිනම් ,
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 02 : නිව්කොමන් එන්ජිම (the Newcomen steam engine)
               
                       වොට් මේ වෙනකන්ම හදපු  එන්ජින් වල තිබුණෙ අඩු පීඩනය නිසා පිස්ටනය පහලට ගමන් කරන සිස්ටම් එකක්නේ, වෑල්ව ක්‍රමය ප්‍රයෝජනයට අරගෙන හුමාලයේ පීඩනයෙන්ම පිස්ටනය පහලට ගමන් කරන පරිදි වොට් ඔහුගේ නිර්මාණය වෙනස් කරා.මේ ආකාරයට ඔහු ද්විත්ව හැසිරීම් පිස්ටනයක්(Double acting) නිර්මාණය කරා.මේ ක්‍රමය තමයි ඉන් පසු සෑදූ බොහෝ එන්ජින් වලට භාවිතා කරේ. එකෙන් හිතා ගන්න පුලුවන් නේ ඒක කොතරම් සාර්ථක වුනාද කියල.පහලින් දාල තියෙන්නෙ වොට් එන්ජිම වෙනස් කරාට පස්සෙ වැඩ කරන ආකාරය දැක්වෙන පින්තූරයක්.



                   

                               මේ වෙනකල්ම එන්ජින් වල පිස්ටනයට සවි කරල තිබුනෙ දම් වැලක්,(ඉහත පින්තූරය)මේ නිසා එන්ජිමේ ඉහලට සවි වන ජල පොම්පයට බලය ලබා දිය හැකි වුනේ ඇදීමෙන් පමණයි.පිස්ටනය ඉහලට බලයක් ලබා දුන්නත් ඒ බලය පොම්පයට ලබා දෙන්න බැරිව ගියා.මොකද දම්වැල හැකිලෙනවනේ.මේකෙ තියෙන අවාසිය තේරුම් ගත් වොට් දම්වැල වෙනුවට ලෝහ දණ්ඩක් (කනෙක්ටින් රොඩ් එකක්-connecting rod) සවි කරා.මේ නිසා පිස්ටනය පහල,ඉහල යනකොට පොම්පයට සවි වූ දණ්ඩ පහලට ඇදීම මෙන්ම ඉහලට තල්ලු කිරිමටද හැකියාව ලැබුණා.

                 ඉහලට හා පහලට යන දිශා දෙකටම බලය ලබා ගත හැකි බැවින්,එය උපයෝගී කරගෙන රෝදයක් කරකැවිය හැකි බව වොට් හට තේරුම් ගියා.දිශා දෙකටම බලය ලබා දිය හැකිනම් එමගින් රෝදයක් කරකැවිය හැකි බව වොට් අවබෝධ කරගත්තා.ඉන්පසු ඔහු ඒ සඳහා දඟර කඳක් හෙවත් ක්‍රෑන්ක් ශාෆ්ට් එකක් (Crank shaft-ඉදිරි ලිපි මගින් මේ ගැන හැඳින්වීමක් බලාපොරොත්තුවන්න) භාවිතා කරන්නට සිතුවත් ඒ වනවිටත් දඟර කඳ සඳහා පේටන්ට් බලපත්‍රය වෙනත් කෙනෙකු සතුව පැවති නිසා ඔහුට එය භාවිතා කිරීමට නොහැකි වුනා.පසුව ඔහු ඒ සඳහා ගියර රෝද(දැති රෝද-  epicyclic sun and planet gear ) භාවිතා කරා.වොට් හට මේ ක්‍රමය ගැන යෝජනාව කරේ ඔහු යටතේම වැඩකර සේවකයෙක්.සේවකයගෙ නම තමයි "විලියම් ම'ඩොක්".ඒත් ටික කාලෙකින් මේ ක්‍රෑන්ක් ශාෆ්ට් එකේ පේටන්ට් එක කල් පැන්න.ඒ නිසා පස්සෙ හැමෝම වගේ දැතිරෝද වෙනුවට ක්‍රෑන්ක් ශාෆ්ට් භාවිත කරා.
             මේක යොදා ගන්න තීර්ණය කරේ රොදයක් කරකවන්න කියල කිව්වනේ මේ රෝදය ටිකක් විශාල එකක්.මේකට කියන්නෙ ජව රෝදය(fly wheel) කියල. පිස්ටනයෙන් ඒන දණ්ඩ දැති රෝද කට්ටලයට සවි වෙනව,එම දැති රෝද 2න් 2වැනි දැතිරෝදය ජවරෝදයට සවි වෙනව. එමගින් ජව රෝදය කරකැවෙනව.

මේ තියෙන්නෙ වොට් හදපු දැතිරෝද කට්ටලය.





 පහලින් තියෙන්නෙ ඒවා වැඩ කරන විදිය 


                                මේ නිසා වොට්ට පම්ප වැඩ කරන්න විතරක් නෙවෙයි, විවිධ යන්ත්‍ර ක්‍රියාත්මක කරවන්නත් පුලුවන් වුණා.ඒ එක්කම හුමාලය වැඩියෙන් සිලින්ඩරය ඇතුලට ඇවිත් එන්ජිමේ වේගය වැඩි වෙලා එන්ජිම පාලනය කරන්න බැරි තත්වයට එන එක වලක්වන්න කේන්ද්‍රාපසාරි බලය හේතුවෙන් ක්‍රියා කරන පාලකයක්ද(centrifugal governor) වොට් තමන්ගේ එන්ජිමට එකතු කරා. පහලින් තියෙන්නෙ ඒකෙ පින්තූරයක්

                 මේක එන්ජිමටම සම්බන්ධ කරල තියෙන්නෙ,මේක තියෙන ලෝහ බෝල දෙක සීලිං ෆෑන් එකක් කරකැවෙන ව වගේ කරකැවෙමිනුයි තියෙන්නෙ.වේගෙ වැඩිවෙනකොට බෝල 2 උඩට ඉස්සෙනවා, එතකොට ඒකට සම්බන්ධ කරල තියෙන ලීවරය මගින් සිලින්ඩරයට පැමිණෙන හුමාලය අඩු කරනවා.මේ අලුත් අංග සමග වොට් අති සාර්ථක හුමාල එන්ජිමක් හැදුවා.මේක නිසා බ්‍රිතාන්‍යයේ කර්මාන්ත වල ලොකු වෙනස්කම් වුනා.කාර්මික විප්ලවයේ ප්‍රධාන සංධිශ්ඨානයක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.පහලින් දාල තියෙන්නෙ මේ සුවිසල් නිර්මාණයේ පින්තූර සහ වීඩියො පට.

මේ තියෙන්නෙ වොට් වතුර පොම්ප සඳහා නිපදවූ එන්ජිම.


         

මේ වීඩියො එකෙන් කියන්නෙ වොට් සිසිලන කන්ඩෙන්සරය පිටින් හයි කරපු එක ගැන.

මේකෙන් කියන්නෙ වොට් සවි කරපු ජව රෝදය(fly wheel),වේග පාලකය(centrifugal governor), කනෙක්ටින් රොඩ් යනාදිය ගැන.
1800 දී වොට්ගේ හුමාල එන්ජිමට අදාලව තිබුණු පේටන්ට් බලපත්‍රය අහෝසි වනවිට එක්සත් රාජධානිය තුල වොට් එන්ජින් 450ක් ද නිව්කොමන් එන්ජින් 1500කට ආසන්න ප්‍රමාණයක්ද තිබුණා.මේ විදියට වොට් නිර්මාණය කරපු එන්ජිම කාර්මික විප්ලවය තුලදී නොයෙක් විදියෙ යන්ත්‍ර සුත්‍ර, වාහන නිර්මාණය කරන්න භාවිතා කරා.ඒ වන විට දඟර කඳේ පේටන්ට් එක කල් පැනල තිබුණ නිසා දැතිරෝද කට්ටලය වෙනුවට දඟර කඳ යොදාගන්න පුලුවන් වුණා.වොට් ගේ මේ සොයා ගැනීම් ලෝකය ආ ගමන් මග නව මාවතකට යොමු කරන්න හේතු වුණා.
තවත් ලිපියකින් හමුවෙමු.

2 comments:

  1. ඔබේ මේ උත්සාහය මා අති ඉහලින් අගය කරමි. දිගටම ලියන්න... ඔබේ මේ දැනුම් ආකරය දෙස අප සැම විට විමසිල්ලෙන් පසුවෙමු... ස්තූතියි.

    ReplyDelete
  2. http://www.cinelanka.net/

    ReplyDelete