University of colombo school of computing lankeeya sithuwili

12 March 2014

මර්සිඩීස් - බෙන්ස් කතාව

මෝටර් රථය නිර්මාණය වූයේ තනි පුද්ගලයකුගේ අතින් එක් රැයකින් නොවේ. වර්තමානයේ පවතින ආකාරයට මෝටර් රථය නිර්මාණය වීමට මෝටර් රථ නවෝත්පාදකයන්  රැසකගේ දායකත්වය හිමිවිය. එනමුත් මෝටර් රථයේ නිර්මාතෘ වන කාර්ල් බෙන්ස් (Carl Benz) විසින් සිදු කල දායකත්වය අන් කිසිවෙක්ට සම කල නොහැකිය. 
රෝද තුනකින් යුතු, ගල් අඟුරු වායුවෙන් ධාවනය වන, තනි සිලින්ඩර සිව්පහර එන්ජිමක් සහිත දිගටි,සිහින් හැඩයකින් යුතු ඔහුගේ මෝටර් රථය සඳහා 1886 දී පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. එයට ඔහු තැබූ නම "මෝටර් වැගනය" (Motorwagen) යන්නයි. පේටනට් බලපත්‍රය ලබා ගැනීමටත් පෙර එය ජර්මනියේ  මෑන්හයිම් නුවර (Mannheim) විථි දිගේ ධාවනය කර තිබුණි. 
"මෝටර්වැගන් "නම් වූ බෙන්ස් විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත් මෝටර් රථය , 1886

මේ සිදුවීම් වන අතරවාරයේ ජර්මනියේම තවත් නගරයක් වූ කොන්ස්ටට් (Canstatt) නගරයේ ඉංජිනේරුවෙක් වන ගොට්ලයිබ් ඩයම්ලර් (Gottlieb Daimler) විසින් 1883 දී පෙට්‍රල් ඉන්ධන මගින් ධාවනය වන අභ්‍යන්තර දහන එන්ජිමක් නිර්මාණය කරන ලදී. ඔහුගේ නිර්මාණය ආදර්ශණය කිරීමට ඔහු එම එන්ජිම බයිසිකලයකට සවි කරන කලේය. එය 1885 නොවැම්බර් මස 10 වන දින සාර්ථක ගමනක් සිදු කල අතර එය පදවනු ලැබූයේ පෝල් (Paul) නම් වූ ඩයම්ලර්ගේ පුතා විසිනි. ඔහු මෝටර් කාරයක් වැනි වූ ආකෘතියක් පලමු වරට නිර්මාණය කලේ 1886 දීය. එය අශ්ව කරත්තයක කොටස් යොදාගනිමින් නිපදවන ලද රෝද හතරකින් යුතු නිර්මාණයකි.

ඩයම්ලර් ගේ නිර්මාණය-1885

1892 වන තුරුම ඩයම්ලර් ගේ නිර්මාණයන් වෙලෙඳපොලට පැමිණියේ නැත. නමුත් බෙන්ස් තමන් විසින් නිර්මාණය කල ලීවරයක් මගින් සුක්කානම් ඇල්ලූ මෝටර්වැගනය වෙලෙඳපොලට නිකුත් කිරීමට උත්සාහ ගත්තේය. එම උත්සාහයේ ඵල නෙලා ගනිමින් 1888දි කාර්ල් බෙන්ස් විසින් පලමුවන මෝටර්වැගනය පැරිසියේ එමිලි රොජර් (Emile Roger) වෙත ලබාදෙන ලදී (එමිලි  රොජර් යනු බෙන්ස් ගේ මෝටර් රථ විකිණීමේ ඒජන්ත වරයායි). වර්තමානයේ මෝටර් රථයක දක්නට ලැබෙන බොහෝ අංග බෙන්ස් ගේ මෝටර්වැගනයේ ද දක්නට ලැබිණි. වේගය පාලනය කිරීමට ත්වරකයක් හෙවත් ඇක්සලරේටරයක් (Accelerator), පුලිඟු පේණුවක් (Spark plug), ජල සිසිලනය සඳහා අවශ්‍ය වන රේඩියේටරයක් (Radiator) මේ අතර වේ. 1893 දී බෙන්ස් විසින් "වික්ටොරියා" (Viktoria) නම් වූ කාරය නිෂ්පාදනය කරන ලදී. එහි රෝද හතරක් වූ අතර සුක්කානම් පාලනය පහසු කිරීමට විවර්තන ඇක්සලයක් (pivoting axel) සම්බන්ධ කර තිබිණි. ඊලඟ අවුරුද්දේදී බෙන්ස් විසින් "වෙලෝ" (Velo) නමින් නිෂ්පාදනයක් ඉදිරිපත් කල අතර එය වික්ටොරියා රථයේ ඉදිරි ප්‍රවර්ධනයකි. මෙය නිෂපාදන මට්ටමෙන් නිර්මාණය කල ලෝකයේ පලමු මෝටර් රථය බවට පත් විය.
1900දී ඩයම්ලර් සමාගමේ නිර්මාතෘ වූ ගොට්ලයිබ් ඩයම්ලර් මිය ගියේය. පසුව ඔහුගෙ සගයා හා පුතා වන විල්හෙම් මේබැක් (Willhelm Maybach) සහ පෝල් ඩයම්ලර් විසින් සමාගම ඉදිරියට ගෙන යනු ලැබිණි. එම දෙදෙනා විසින් 1901 වර්ෂය සඳහා අලුත් කාරයක් සැලසුම් කරන ලදී. අශ්වබල 35 බලයක් මෙම මාදිලිය සතු විය. සම්පීඩනය කරන ලද වානේ මගින් නිර්මානය කල චැසිය මත එන්ජිම පිහිටුවා ඊට පිටුපසින් අනෙකුත් උපාංග සවි කරන ලදී. මීට පෙර අනෙකුත් උපාංග එන්ජිමට ඉහලින් සවි වී තිබිණි. ඇලුමිනියම් වලින් නිෂ්පාදනය කරන ලද දඟරකඳ ආවරනය සහිත එන්ජිම පිහිටා තිබුනේ එනජින් ආවරණයක් හෙවත් හුඩ් එකක් ඉහලින් වන පරිදි හා මී වදයක ආකාරයට හිඩැස් ඇති රේඩියේටරයට පිටුපසින් ය. පාදය මගින් පාලනය කල හැකි ත්‍රොටලයක් (Throttle) මෙයට සවි කර තිබිණි. මේ වන තුරු නිෂ්පාදනය කර තිබූ සෑම මෝටර් රථයකටම වඩා පහතින් මෙම රථයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා තිබිණි. එමගින් පහසු ධාවනයක් සඳහා අවස්ථාව ලැබිණි. මෙසේ අශ්ව බල 35 ජවයකින් යුතු මෙම මෝටර් රථය නව සන්නහ නාමයක් ද සහිතව පැමිණියේය.ඒ "මර්සිඩීස්" යන්නයි.

 ඩයම්ලර් මර්සිඩීස් අශ්වබල 35 රථය

රටවල් කිහිපයක ඩයම්ලර් රථ විකිණීමේ බලය තමන්ට ලබා දීම හේතු කොටගෙන, ඔස්ට්‍රියානු-හංගේරියානු ව්‍යවසායකයෙකු වූ එමිලි ජෙලිනෙක් (Emile Jellinek) විසින් අශ්වබල 35 ඩයම්ලර් රථ 36ක් ඩයම්ලර් සමාගමෙන් මිලයට ගන්නා ලදී. පසුව වයස අවුරුදු එකොලහක් වූ තම දියණිය වෙනුවෙන් එමිලි ජෙලිනෙක් විසින් එම මෝටර් රථ පෙල මර්සිඩීස් ලෙස නම් කරන ලදී. මර්සිඩීස් රථ වල වෙලෙඳාම ඉහලටම ගෙන යාමට අශ්ව බල 60 රථය විශාල දායකත්වයක් සැපයීය. අශ්වබල 35 රථයේ තිබූ පැති වෑල්ව ක්‍රමය  වෙනුවට උඩින් වෑල්ව පිහිටන ආකාරයට නිෂ්පාදනය කිරීම හේතු කොටගෙන මෙය තාක්ෂණය අතින් ඉහලම මෝටර් රථය ලෙස පැවතුණි. එමෙන්ම එය අනුකරණය කරන්නන් විමතියට පත් කරන්නක්ද විය. 
පලමුවන ලෝක යුධ සමයේදී ඩයම්ලර් හා බෙන්ස් යන සමාගම් දෙකම ජර්මනිය සඳහා හමුදා වාහන නිපදවූවෝය. මේ කාලය තුල මෙම සමාගම් 2 මෝටර් රථ් නිෂ්පාදන  ක්ෂේත්‍රයේ තරඟ කරුවන් බවට පත් විය. එමෙන්ම එකිනෙකා විසින් උසස් වර්ගයේ නිෂ්පාදන නිර්මාණය කිරීමට උත්සුක විය. මේ අතර බෙන්ස් විසින් ෆර්ඩිනඩ් පොර්ෂ් (Ferdinand Porsche) ගේ නිර්මාණ කුසලතා භාවිත කරමින් වඩා ආකර්ශණීය මෝටර් රථ නිෂ්පාදනය කලේය. මේ ආකාරයෙන් සිදු කල නිෂ්පාදනයක් වූ බ්ලිට්සෙන්-බෙන්ස් රේසර් (Blitzen-Benz racer) යන රථය 1909-1924 දක්වා වූ කාලය තුල ලෝකයේ වේගවත්ම ගොඩබිම ධාවනය වන මෝටර් රථය විය. 1920 දශකයේදී ජර්මනියේ සිදුවූ පසුබෑම හේතු කොටගෙන, ජර්මනිය තුල විශාල රැකියා වියුක්තියක් හා උද්ධමනයක් ඇති විය. මේ හේතුව නිසා බොහෝ ආයතන වලට කඩාවැටෙන්නට පටන් ගත්තේය. මේ හේතුව නිසා බෙන්ස් සමාගම හා ඩයම්ලර්-මර්සිඩීස් සමාගම සීමිත සහයෝගීතාවයකට පැමිණියේය. මෙමගින් මෝටර් රථ නිෂ්පාදනයේ හා වෙළෙඳමේ සමහර කොටස් සහයෝගීත්වයෙන් කර ගැනීමට එකඟ විය. එමෙන්ම සමාගම් දෙකෙහි ඉදිරි උපායමාර්ග පිලිබඳව ඒකතු වී සැලසුම් ගොඩනගන්නට විය.
අවසානයේදී 1926 දී මෙම සමාගම් දෙක එකට එකතුවෙමින් ඩයම්ලර්-බෙන්ස් ඒ.ජි. (Daimler-Benz AG) නමින් අලුත් සමාගමක් නිර්මාණය විය. එමෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන මර්සිඩීස්-බෙන්ස් (Mercedes-Benz) යන සන්නාහ නම යටතේ එලි දැක්විණි. සමාගම් දෙක එකතු වීමෙන් පසු මැන්හයිම් නිෂ්පාදනාගාරයේ ට්‍රක් රථ හා බස් රථ නිෂ්පාදනය සිදු වූ අතර, ස්ටට්ගර්ට් හි තිබූ කර්මාන්තශාලා වල මෝටර් කාර් නිෂ්පාදනය සිදු කෙරිණි. 1929 වසරේදී කාර්ල් බෙන්ස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 84ක් විය. 
1930 දශකයේදී සමාගම විසින් සුඛෝපබෝගී හා ජවයෙන් වැඩි මෝටර් වාහන නිෂ්පාදනය ආරම්භ කලේය. ධනවතුන් ලිමොසින් රථ මිලදී ගත් අතර, සෙල්ලක්කාරයින් supercharged 540K රථ මිලදී ගන්නා ලදී. ඒ අතරතුර යුරෝපියානු ගෝන්-ප්‍රී (Grand-prix) මෝටර් රථ ධාවන තරඟයේ විෂේශ ස්ථානයක් හිමිවිය.දෙවන ලෝක යුද්ධය අතරතුර ඩයම්ලර්-බෙන්ස් සමාගමේ සම්පත් නැවත හමුදාමය අවශ්‍යතා සඳහා යෙදවිණි. තවද නිෂ්පාදන කර්මාන්තශාලා වලින් සියයට අසූවක් පමණ බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ විය. එම නිසා සමාගම නැවත ගොඩනැගීම උදෙසා ව්‍යාපාරික වශයෙන් වැදගත් වාහන පමනක් නිෂ්පාදනය කිරීමට සමාගමට සිදු විය. පසු කාලීනව නැවත සමාගම ස්ථාවර විය. 1949 දී සමාගමේ වාර්ශික නිෂ්පාදනය මෝටර් රථ 17,000 වැඩි වූ අතර, 1958 වන විට එය ලක්ශය ඉක්මවීය.
මර්සිඩීස් බෙන්ස් තම ක්‍රියාවලීන් ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත කිරීමට කැමැත්තක් දැක්වූයේය. 1958 දී සමාගම විසින් ඔටෝ යූනියන් හෙවත් අවුඩි මිලයට ගත් අතර, නැවත එය 1965දී වොක්ස්වැගන් සමාගමට විකුණන ලදී. කුඩා මෝටර් රථ් නිෂ්පාදන සමාගමකට 1994 දී සම්බන්ධ වූ අතර වොක්ස්වැගන් ගෝල්ෆ් රථයට සමාන ක්ලාස්-ඇ නම් රථයක් වෙලෙඳපොලට හඳුන්වා දෙනු ලැබිණි. සමාගම විසින් 1998 දී ක්‍රයිස්ලර් සමාගම මිලදී ගනු ලැබූ අතර  පසු කාලීනව නැවත එය විකුණාදමන ලදී. 
මේ ආකාරයට මෝටර් රථයේ ආරම්භයේ සිටම මෝටර් රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිටින මර්සිඩීස් බෙන්ස් සමාගම අතීතයේ පමණක් නොව වර්තමානයේද මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වී වැජඹෙයි.
සඟරාවක පලවූ ලිපියක් ඇසුරින් ලියන ලදී.


11 comments:

  1. අපිට ඉතිං කවදා යන්න ලැබෙයිද බෙන්ස් වල.

    ReplyDelete
    Replies
    1. good blog .thanks.

      Delete
    2. ඇයි අප්පා හැමදාම යන්නෙ ටාටා බෙන්ස් වල. අපි නම් ඉස්සර මර්සිඩීස් බෙන්ස් බස්වල ගියා.

      Delete
    3. ඒ කාලෙ වගේ දැනුත් තිබුන නම් පාරෙ ලේලන්ඩ් වෙනුවට බෙන්ස් තියෙන්න තිබුනා :)

      Delete
  2. good article thank you

    ReplyDelete
  3. Me wasare newatha,Mersedes Benz,Formula1 kandayama,Tharanga wasara Awasanayatath perama shurathawayata langawela thiyenawa,(Owungema namin)Wasare riyadura,ama Kandayame,Luwis Hamilton/Niko Rosburg Atharin Kenek wewi,Ewagema Wasare Hondama Nishpadakaya Shurathaweth itha ihala inne Mercedes Benz.Me wasare Formula 1 kandayam Bahutharayak yodagena Thiyenne Mercedez Benz,(Ranjan-Germany)

    ReplyDelete
  4. Kalin Obata isthuthi karanna beriwuna, Mewage watina lipi Palakalata.HETA,Rusiyawe sotchi wala Formula1 tharangaye,arambaka sthana piliwela Ada theruwa.Mul sthana 2ma Mercedes,Kandayamata.3 sthanaya ethulu mul sthana 10atharin 5k Mercedes Benz Engin,(ranjan)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ කමෙන්ට් වලට, ඒ වගේම ෆෝමියුලා වන් තරඟාවලියේ මර්සිඩීස් බෙන්ස් කණ්ඩායම ගැන ලබා දීපු තොරතුරු වලට, මම වගේම මෝටර් වාහන ගැන උනන්දුවක් තියෙන කෙනෙක් වගෙයි පේන්නෙ :D

      Delete
  5. Prathipala Sotchi,Rusiya F1 1,st,luwis hamilton (Eng)(Mercedes-Benz)2.Noko Rosberg(Ger)Mercedes-Benz)3,Valtere Botas(fin)Wiliams-MercedesBenz,Engin) Mama meka TV eke Beluwe,(Ranjan-Germany) next Race 2.november Austin,Texas.USA

    ReplyDelete