08 October 2011

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 03 :ජේම්ස් වොට් i (James watt's Atmospheric Steam Engine)



             
මෝටර් එන්ජිමේ ඉතිහාසය ලිපි පෙලේ මුල් ඒව කියෙව්වෙ නැතිනම් ,
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 02 : නිව්කොමන් එන්ජිම (the Newcomen steam engine)




 නිව්කොමන්ගේ හුමාලයෙන් වැඩ කරන වතුර පොම්ප බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ බොහෝ තැන් වලට ව්‍යාප්ත වුනා. මේවා පතල් වලින් වතුර පොම්ප කරන්න භාවිතා කෙරුණා. ඒ කාලෙ මේ එන්ජිම කොතරම් වැදගත් ද කියල කියනවනම් මේ එන්ජිම ගැන විශ්ව විද්‍යාල වලත් ඉගැන්නුවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් විශ්වවිද්‍යාල්යේත් මේ එන්ජිමෙ මොඩලයක්  තිබුනා.පහලින් තියෙන්නෙ ඒ මොඩලයේ පින්තූරයක්,






              1763 දී ඒ මොඩලය අලුත්වැඩියා කරන්න කියල නිර්මාණකරුවෙකුට පැවරුණා.ඒ නිර්මාණකරුවා ගේ නම තමයි "ජේම්ස් වොට්".


              මොඩලය අලුත්වැඩියා කරන අතරතුර ඔහු මොඩලය අධාරයෙන් නිව්කොමන් ගේ එන්ජිම පිලිබඳ අධ්‍යනය කරා.හුමාලය සිසිල් කිරිම සිලින්ඩරය තුලදීම සිදු වන විට සිලින්ඩරය රත් වීමට හා සිසිල් වීමට ලක් වීම හේතුවෙන් තාපය ලෙස විශාල ශක්ති ප්‍රමාණයක් හානි වන බව වොට් හට වැටහුනා.මෙයට පිලියමක් යෙදූ ඔහු ප්‍රධාන සිලින්ඩරයට අමතරව තවත් කුඩා සිලින්ඩරයක් සවි කර හුමාලය සිසිල් කිරිම සඳහා භාවිතා කරා.මෙමගින් තරමක් දුරට ශක්තිය ඉතිරි කර ගන්න හැකි වුනා.මෙය නිර්මාණයට නිව්කොමන් හඳුන්වා දුන් වෑල්ව ක්‍රමයද වොට් භාවිතයට ගත්තා.පහල රූපයෙන් පේන්නෙ ආන්න ඒ වොට් නිර්මාණය කරපු එන්ජිම
මේකට කියන්නෙ Watt Atmospheric Steam Engine කියල.




             මේකෙදී හුමාලය නිසා පිස්ටනය ඉහල ගිය පසු කුඩා කන්ඩෙන්සරයට හුමාලය යන වෑල්වය විවෘත වෙනවා.ඒ හරහා කුඩා කන්ඩෙන්සරයට යන හුමාලය සිසිල් වීමට භාජනය වෙනවා.වැකුම් පොම්පය අධාරයෙන් තමයි ප්‍රධාන සිලින්ඩරයේ තියෙන හුමාලය කුඩා සිලින්ඩරයට ගේන්නෙ. කුඩා සිලින්ඩරය තියල තියෙන්නෙ ජල ටැංකියක් ඇතුලෙ නිසා කුඩා සිලින්ඩරයට එන හුමාලය ජල ටැංකිය අධාරයෙන් සිසිල් වෙනවා.එතනින් පස්සෙ ඉතින් නිව්කොමන් ගෙ තියරියම තමයි.
            මේ සියලු එන්ජින් වල පිස්ටනය වායුගෝලයට විවෘත වෙලයි තිබුනෙ,නැතිනම් සිලින්ඩරය ඇතුලෙ පීඩනය අඩු වෙනකොට පිස්ටනය  පහල යන්නෙ කොහොමද?. වොට් තව දුරටත් පරීක්ෂන කරා සිලින්ඩරයේ ඉහල කොටසද ආවරණය කර පිස්ටනයට ඉහලින් පීඩනය අඩු හුමාලය පැමිණීමට හැකිවන පරිදි ඔහු එන්ජිම නවීකරණය කරා. එමගින් වායුගෝලිය පීඩනය මගින් සිදු කරනු ලැබූ කාර්ය ඉටු කරනු ලැබුවා. එමගින් ආපසු පහරේ බලය වැඩිකර ගැනීමට හැකිවිණු අතර එන්ජිමේ වේගයද වැඩි කරගැනීමට වොට් ට හැකියාව ලැබුණා.






වොට්ගේ අත්හදා බැලීම් හා වාශ්ප එන්ජිම ගැන තවත් තොරතුරු ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න!

5 comments:

  1. හොද ලිපියක් වාශ්ප එන්ජිමේ ඉතිහාසය නොදැනයි හිටියෙ ස්තුතියි...
    මේකෙ මේ Word Verificatin අයින් කලොත් හොදයි වගේ

    ReplyDelete
  2. @Sameera බොහොම ස්තූතියි ඔයාට ඔයා තමයි මගේ පෝස්ට් එකකට කමෙන්ට් දාපු පලවෙනියා, මට මාර හැපී! ඔන්න මම word verification අයින් කරා.

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපියක්. හොඳට ලියල තියෙනව. මේ සබ්ජෙක්ට් එක ගැන අපටත් දැන් ඉගෙන ගන්න පුළුවන්. දිගටම ලියන්න.

    ReplyDelete
  4. අනිවාට්යෙන්ම, ඔයාලනෙ ඉතින් අපිට දිරිය දෙන්නේ!

    ReplyDelete