කේතලයේ වතුර නටනකොට ඒකෙ කෙමියෙන් හුමාලය පිටවෙන එක මුලික කරගෙන තමයි වාශ්ප එන්ජිම නිර්මාණය වුනේ.ඒ කියන්නෙ රත් වුනු වතුර වලින් පිඩන බලයක් ලබා ගැනිම.මේ මූලධර්මය භාවිත කරල එක එක විදියට හුමාල එන්ජින් නිර්මාණය කරල තියෙනවා. කෝච්චි එන්ජිමයි නිව්කොමන් එන්ජිමයි කියන්නෙ ආන්න ඒ වගේ හුමාල එන්ජින් වර්ග 2ක්.
අපි මුලින්ම නිව්කොමන් එන්ජිම ගැන ටිකක් කතා කරමු. මේකට දාල තියෙන නම දකිනකොටම හිතා ගන්න පුලුවන්නෙ කවුද මේක හදන්න ඇත්තෙ කියල, තෝමස් නිව්කොමන් තමයි මේකෙ නිර්මාණය කරේ. හැබැයි මේක හයි කරල තිබුනෙ වාහනයකට නම් නෙවෙයි. මේක භාවිතා කරේ වතුර පොම්ප කරන්න.මේක තමයි සාර්ථක වුනු පලමු වාශ්ප එන්ජිම.
මේක හයි කරල තියන්න තරමක ලොකු ගෙයක් ඕන වුනා. පහලින් දාල තියෙන්නෙ ඒකෙ පින්තූරයක් (වාහනයකට හයි කලානම් කොහොම තියෙයිද?)
තව පින්තූර ඕන නම්මෙතන ක්ලික් කරන්න
මේ එන්ජිම නිර්මාණය කරනකොට වායු පීඩනය වගේම වායු අණු වල උෂ්ණත්වය අඩු වීමෙන් ඇතිවෙන සංකෝචනයද උපයෝගී කරගෙන තිබුනා.උණු වතුර ටිකක් ප්ලාස්ටික් බෝතලයකට දාල පියන හොඳට වහල තිබ්බහම,නිවෙනකොට ප්ලාස්ටික් බෝතලේ අතුලට එබෙනව ඔයාල දැකල ඇතිනේ.ආන්න ඒ මූලධර්මයත් නිව්කොමන් භාවිතා කරල තියෙනවා.මෙන්න මේ වීඩියො එක බලන්නකෝ
දැන් අපි මේ එන්ජිම වැඩ කරන්නෙ කොහොමද කියල බලමු. මේකෙ තියෙන්නෙ බැරල් එකක් විතර පිස්ටන් එකක්. බොයිලේරුවෙන් ලැබෙන හුමාලයේ පීඩනය නිසා පිස්ටන් එක ඉහලට යනවා.පිස්ටන් එක ඉහලට ගියාම සාමාන්‍ය උශ්ණත්වයේ තියෙන වතුර සිලින්ඩරය තුලට යවනවා, එවිට ක්ශණිකව හුමාලය සිසිල් වෙන නිසා පරිමාව අඩු වෙනවා.එතකොට පිස්ටන් එක ආපහු සිලින්ඩරයේ පරිමාව අඩු කරමින් පහලට එනවා. ඔන්න ඔය විදියට තමයි නිව්කොමන් හුමාල එන්ජිම වැඩ කරන්නෙ.
පහලින් දාල තියෙන්නෙ නිව්කොමන් එන්ජිම වැඩ කරන විදිය.
මේ වෙලාවට තමයි හුමාලයේ තියෙන අධි පීඩනය නිසා පිස්ටනය ඉහල යන්නෙ.
2. සිලින්ඩරය තුලට ජලය ඇතුලු කිරීම
ජලය ඇතුලු වෙනකොට හුමාලයේ උශ්ණත්වය පහල බහින නිසා, සිලින්ඩරය ඇතුලෙ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා,එතකොට පිස්ටන් එක පහලට එනවා.
මෙන්න මේ විදියට දිගටම සිද්ද වෙනකොට තමයි පිස්ටනයට සවි කරල තියෙන ලී දණ්ඩ මගින් ජලය පොම්ප කෙරෙන්නෙ.
මේ තියෙන්නෙ නිව්කොමන් එන්ජිමේ ආකෘතියක්.
මේ තියෙන්නෙ ඔරිජිනල් එන්ජිම
අපි තවත් ලිපියකින් නිව්කොමන් එන්ජිමෙන් පස්සෙ කරපු නිපැයුම් ගැන සාක්ච්ඡා කරමු.
කමෙන්ට් එකක් හෙම දාන්න අමතක කරන්න එපා හොඳේ!
0 comments:
Post a Comment