University of colombo school of computing lankeeya sithuwili

08 October 2011

මෝටර් එන්ජිමේ ඉතිහාසය - 04 :ජේම්ස් වොට් ii (Matthew Boulton and James Watt)

මෝටර් එන්ජිමේ ඉතිහාසය ලිපි පෙලේ මුල් ඒව කියෙව්වෙ නැතිනම් ,
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 01 : වාශ්ප එන්ජිමේ බිහිවීම (invention of the steam engine)

                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 02 : නිව්කොමන් එන්ජිම (the Newcomen steam engine)
                       මෝටර් එන්ජිමේ ඉතිහාසය - 03 :ජේම්ස් වොට් i (James wott's Atmospheric Steam Engine)



                           ඔන්න මම මෝටර් එන්ජින් වල ඉතිහාසය ලිපි පෙලේ තවත් ලිපියක් සමගින් ඔයගොල්ලො හමුවට එනවා. කලින් ලිපියෙදී අපි කතා කරේ ජේම්ස් වොට් ගෙ මුල් කාලය ගැන.අද අපි එයා කරපු තවත් වැඩ ටිකක් ගැන කතා කරමු.




                මේ වෙනකොට 1775 විතර,මේ වෙනකොට වොට් තරමක් සිත් කලකිරීමෙනුයි හිටියෙ. මේකට හේතුව වුනේ වොට්ට මේ වෙනකල්ම වෙලඳපොලේ වටිනාකමක් ගන්න පුලුවන් එන්ජිමක් හදාගන්න බැරිවුනු එක. මුදල් ලබා ගැනීම තමයි වොට්ට ප්‍රශ්ණය වෙලා තිබුනෙ.


                ඔහොම ඉන්නකොට තමයි වොට්ට මැතිව් බෝල්ටන් හමුවෙන්නෙ.ඔහු ආයෝජකයෙක්. වොට් තමන්ගෙ හිතේ තියෙන අදහස බෝල්ටන් ට කිව්ව. එයත් වැඩේට කැමති වුණා. බ'මින්හැම් වලට නුදුරු "සෝහෝ" කියන තැන වොට් අලුත් එන්ජිමේ වැඩ ආරම්භ කලා. දක්ශ පලපුරුදු සේවකයන් හා වොට් හට ලැබුනු පහසුකම් නිසා වොට්ට මේ එන්ජිම කෙටි කාලයකින් පණ ගැන්වීමට හැකි තත්වයට ගේන්න පුලුවන් වුනා.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු මේ එන්ජිම මගින් මුලින් තිබූ නිව්කොමන් එන්ජිමට සමාන එන්ජිමට වඩා 75% ක ඉන්ධන ඉතිරියක් ලබා ගැනීමට හැකියාව  ලැබුනා.පහලින් දාල තියෙන්නෙ වොට්ගේ කර්මාන්තශාලාවෙ පින්තූරයක්




                      වොට් ගේ නිපැයුම් එංගලන්ත්යේ සෑම තැනකම පාහේ ප්‍රසිද්ද වුනා.1776මාර්තු මස "Tipton" හි "Bloomfield Colliery" යන සමාගමට විශාල වාශ්ප එන්ජිමක් වොට් නිර්මාණය කර අවසන් කරා.තවද "Shropshire" හි "John Wilkinson'iron works" යන සමාගමටද එවැනිම එන්ජිමක් නිර්මාණය කරා. ඒ අවුරුද්දේ ගිම්හාන සෘතුවෙදී නැගෙනහිර ලන්ඩනයේ ද ආදී වශයෙන් වාශ්ප එන්ජින් කිහිපයක් ම ඔහු නිපදවනු ලැබුවා.


                    මීලඟ ලිපියෙන් අපි තව දුරටත් වොට් කරපු නිර්මාණ ගැන ටිකක් කතා කරමු.කියවල නිකන්ම යන්නෙ නැතිව හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යමුකෝ!

5 comments:

  1. මම නම් මේ දේවල් දැනගත්තේ අදමයි. ගොඩක් වටින විස්තර ටිකක් !!!

    ReplyDelete
  2. @ මධුරංග : බොහොම ස්තූතියි!

    ReplyDelete
  3. ශෝක් ලිපි ටික...ඈ

    ReplyDelete
  4. නියමයි ගොඩක් වටිනවා

    ReplyDelete